චීන-නවසීලන්ත අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2024-06-13 18:00:01
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon මහතා හමුවෙයි. හමුව අද (13) සවස නවසීලන්තයේ Wellington නගරයේ රාජ්‍ය මන්දිරයේ දී පැවැත්විණ.

ලී ච්‍යං මහතා එහිදී පැවසුවේ තමාගේ මෙම චාරිකාව, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නවසීලන්ත නිල සංචාරයේ මෙන්ම දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ දස වැනි සංවත්සරයන් නිමිති කර ගනිමින් සිදුවන බවයි. නවසීලන්තය සමග එක්ව, අතීත මිතුදම, වෙළඳ පරිමාණය හා මානව හුවමාරු තවදුරටත් පුළුල් කරමින් දෙරට ජනතාව වෙත සුබසෙත උදාකිරීමට චීනය සූදානම් බව ද, ලී ච්‍යං  අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

තම රට එකම චීනය මූලධර්මය තරයේ අනුගමනය කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. චීනයේ විවිධ මට්ටමේ නිලධාරීන් සමග සංවාද පැවැත්වීම නවසීලන්තයේ අපේක්ෂාවයි. එසේ ම චීනය සමග එක්ව, කෘෂිකර්මාන්තය, ආහාර, නිර්මාණශීලී කර්මාන්ත හා පරිසර සංරක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සහ මානව හුවමාරු පුළුල් කරමින් දෙරට සබඳතාව තහවුරු කිරීමට ද නවසීලන්තය කැමැත්තෙන් සිටින බව හෙතෙම කියාසිටියේය.

අග්‍රාමාත්‍යවරු දෙපළ මෙම හමුවෙන් අනතුරුව, සේවා වෙළඳාම, වාණිජ පරිසරය, විද්‍යා හා තාක්ෂණ සහ පේටන්ට් අධීක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ලියවිලිවලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූහ. ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද ඔවුහු සහභාගි වූහ.

චීන-නවසීලන්ත අග්‍රාමාත්‍ය හමුව පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම