ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්
2024-06-13 14:31:13
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වර් මහතා හමුවෙයි. එම හමුව ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘතිවල මතුව ඇති ගැටලු විසඳාගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සහ ඒ සඳහා සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් නවීන කලාකෘති සංවර්ධනය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම