චීන අගමැතිවරයා නවසීලන්තයේ නිල සංචාරයක
2024-06-13 10:00:36
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ජුනි 13 සිට 20 දක්වා රටවල් ත්‍රිත්වයක සංචාරයකට එක් වෙයි. ඒ අනුව අද(13) හෙතෙම එම නිල චාරිකාවේ පළමු අදියර වන නවසීලන්තය වෙත ළඟා විය. 

චීන-නවසීලන්ත සබඳතා සහ පොදු අවධානයට ලක්විය යුතු ගැටළු පිළිබඳව නවසීලන්ත නායකයින් සහ එරට විවිධ මට්ටමේ පුද්ගලයින් සමග ගැඹුරු අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව Li Qiang මහතා පැවසීය. 

විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කිරීමටත්, ජාත්‍යන්තර  සහ කලාපීය පොදු ගැටළු පිළිබඳව ආණ්ඩුකාර ජනරාල්  Cindy Kiro මහතා, අගමැති Christopher Luxon මහතා සහ අනෙකුත් නිලධාරීන් සමග Li Qiang මහතා  ගැඹුරු අදහස් හුවමාරු කර ගනු ඇත.

නවසීලන්තයේ සංචාරයෙන් අනතුරුව Li Qiang මහතා ඔස්ට්‍රේලියාවේ හා මැලේසියාවේ නිල සංචාරයන්ට එක් වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම