යුරෝපා සංගමය චීන විදුලි මෝටර් රථ සඳහා අතිරේක තීරුබදු පැනවීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය
2024-06-13 17:45:29
Share with:

යුරෝපා සංගමය චීනයේ විදුලි මෝටර් රථ සඳහා අතිරේක තීරුබදු පැනවීමට එරෙහිව ප්‍රතිවිරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වෙයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Li Jian මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

චීනය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි සහ වෙළඳපොළ මූලධර්ම ආරක්ෂා කරන බවත්, චීනයේ විදුලි වාහන කර්මාන්තයේ හා ව්‍යවසායන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ද එලෙසින් ම ආරක්ෂා කළ යුතු බවත් Li Jian මහතා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව, යුරෝපා සංගමයේ අදාළ ක්‍රියාවන්ට එරෙහිව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග චීනය දැඩිව අනුගමනය කරන බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම