වැදගත් අණපනත් 15 ක් කඩිනමින් සම්මත කර ගැනීමට නියමිත බව අධිකරණ ඇමති කියයි
2024-06-13 16:03:57
Share with:

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15 ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඉකුත් මාස 18 ක පමණ කාලය තුළ නව පනත් 75 ක් පමණ පාර්ලිමේන්තුවේ දී සම්මත කර, රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

විජයදාස රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ යුක්තිය පසිඳලීම හා සම්බන්ධ පුළුල් ම නීති ප්‍රතිසංස්කරණ සිදුකෙරුණු කාලවකවානුවක් ලෙස මෙම කාලය හඳුන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එසේම, අල්ලස, වංචාව සහ දූෂණය වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පනත ද රජය විසින් සම්මත කර ගනු ලැබ ඇත.

මීට අමතරව, ඉදිරි සති කිහිපය තුළ වැදගත් අණපනත් 15 ක් පමණ සම්මත කර ගැනීම සඳහා කටයුතු කෙරෙන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය සඳහා  සංශෝධන කිහිපයක් ද ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම