දුෂ්කරතා ජයගෙන ඉදිරියට යාමට චීන ආර්ථිකයට විශ්වාසය හා ශක්තිය ඇති බව චීනය කියයි
2024-06-13 17:32:18
Share with:

දුෂ්කරතා සහ අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට චීන ආර්ථිකයට විශ්වාසය හා ශක්තිය ඇති බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව "ගෝලීය ආර්ථික දැක්ම" නවතම වාර්තාව පසුගිය දා නිකුත් කළේය. එහිදී 2024 වසරේ චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය 4.5% සිට 4.8% දක්වා ඉහළ නංවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික ඒකකය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වැදගත් කොටසක් ලෙස චීනය ලෝක ආර්ථික වර්ධනය කෙරෙහි දැක්වූ දායකත්වය දිගු කලක් තිස්සේ ඉහළ මට්ටමක පවතින බවයි. චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනය ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය සඳහා පුළුල් කාර්යභාරයක් ඉටු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

එසේම, ගෝලීය නවීකරණ ක්‍රියාවලියේ තිරසර සංවර්ධනය උදෙසා තම අධිගුණාත්මක සංවර්ධනයේ ලාභාංශ හා අවස්ථා ලෝකය සමඟ බෙදා ගැනීමට චීනය සූදානමින් සිටින බව ද Lin Jian මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම