යුරෝපා සංගමය චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීම පිළිබඳ යුරෝපා රටවල් රැසක දැඩි විරෝධය
2024-06-13 11:23:33
Share with:

යුරෝපා සංගමය චීනයෙන් ආනයනය කරන විදුලි මෝටර් රථ සඳහා තාවකාලික සහනාධාර විරෝධී බදු පැනවීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් රැසක් විරෝධය පළ කර ඇත.

චීනයෙන් ආනයන කරන විදුලි මෝටර් රථ සඳහා තාවකාලික බදු පනවන බව යුරෝපා කොමිසම ඊයේ(12)නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජර්මන් ෆෙඩරල් ඩිජිටල්කරණ හා ගමනාගමන අමාත්‍ය Volker Wissing මහතා පැවසුවේ යුරෝපා සංගමයේ මෙම පියවර “වෙළඳ යුද්ධයක්” නිර්මාණය කිරීම‍ට ඉඩ සලසන බවයි. ඉන් යුරෝපයේ අදාළ කර්මාන්තවල සංවර්ධනය සුරක්ෂිත කළ නොහැකි අතර, ජර්මන් ව්‍යවසායන්ට එමගින් හානි සිදු වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. 

මේ අතර හංගේරියානු ජාතික ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය චීනයේ විදුලි මෝටර් රථ සඳහා තාවකාලික බදු පැනවීම හංගේරියාව කිසිසේත් අනුමත නොකරන බවයි.

ඊට අමතරව, නෝර්වේ ජාතික ගුවන්විදුලියේ වාර්තාවකට අනුව, චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීම පිළිබඳ යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ගය නෝර්වේ අනුගමනය නොකරන බව එරට මුදල් අමාත්‍ය Trygve Slagsvold Vedum මහතා ප්‍රකාශ කර ඇත. එම ක්‍රියාව සුදුසු ක්‍රියාවක් නොවන අතර,  නෝර්වේ යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවන බව ද හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම