විශිෂ්ට චීන විද්‍යාඥ Andrew Chi-Chih Yao මහතාට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2024-06-12 15:28:53
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥ, Tsinghua විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Andrew Chi-Chih Yao මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කරයි.

ජනාධිපතිවරයා එහිදී තම අවංක ආචාරය Andrew Chi-Chih Yao මහාචාර්යවරයා වෙත පුදකර තිබේ.

ලොව විවිධ විශ්වවිද්‍යාලයන් හි අධ්‍යාපනය ලබා ආචාර්යවරයෙකු ලෙස යළි චීනයට පැමිණ ගත වූ දශක 2 තුළ, Yao මහතා දේශප්‍රේමයෙන් යුතුව රටට සේවය කිරීමේ සැබෑ පියවර මනාව පිළිබිඹු කර ඇතැයි ෂී ජින්පිං මහතා තම ලිපියෙන් පෙන්වා දෙයි. ඉගැන්වීමේ දී මෙන්ම පර්යේෂණ නවෝත්පාදන‍යේ දී ඒ මහතා ඉහළ ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා කියාසිටී.  

නිර්මාණශීලීත්වයෙන් යුතු වෘත්තිකයන්ට Yao මහතාගේ මෙහෙයවීම යටතේ ස්වාධීන පුහුණු ආකෘතිය අඛණ්ඩව ගවේෂණය කළ හැකි වෙතැයි ෂී ජින්පිං මහතා විශ්වාසය පළ කළේය. රටේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ආත්ම විශ්වාසය උසස් මට්ටමින් තහවුරු කිරීමේ දී සහ අධ්‍යාපනය හා විද්‍යාව මගින් රට සවිබල ගැන්වීමේ දී ඔහුට සුවිශේෂ දායකත්වයක් ලබාදිය හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම