BRICS රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විදේශ ඇමති සංවාදයක්
2024-06-12 09:47:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා, ඊයේ(11) රුසියාවේ Nizhni Novgorodහි දී BRICS රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විදේශ ඇමති සංවාදය හෙවත් "BRICS+" සංවාදයට එක් විය. BRICS රටවල් 10ක් එහිදී, ශ්‍රී ලංකාව, තායිලාන්තය සහ තුර්කිය යන කලාපීය නියෝජනය සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල් 12ක් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

"BRICS+" සංවාදය දිගු කලක් පුරා BRICS සංවර්ධනයට ජීව ශක්තිය සහ ප්‍රබෝධය එක් කර ඇති අතර, එය දකුණු-දකුණු සහයෝගීතාවයේ ධජයක් බවට පත්ව ඇතැයි, වං යී මහතා පැවසීය. වෙනස් වෙමින් පවතින ගෝලීය තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් නව අපේක්ෂාවන් සොයා යාම මෙන්ම, අර්බුදය තුළ නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව, ඔහු ක්‍රියාකලාප තුනක් ඉදිරිපත් කළේ ය. ඒ, විශ්වීය ආරක්ෂාව පවත්වා ගනිමින් අභියෝගවලට එක්ව මුහුණ දීම, සංවර්ධන ප්‍රමුඛතාවට අනුගත වෙමින්, ප්‍රගතිය සඳහා සාමූහික බලය ගොඩනැංවීම මෙන්ම සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කෙරෙන, ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම