චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන රටවල් චීනයේ තායිවාන ප්‍රදේශය සමග කවරාකාරයේ හෝ හමුදාමය සම්බන්ධතා පැවැත්වීමට විරුද්ධ බව අවධාරණය කෙරේ
2024-06-12 14:20:45
Share with:

ඇමරිකාව පසුගියදා චීනයේ තායිවාන ප්‍රදේශයට ඇ.ඩො. මිලියන 300ක වටිනාකමෙන් යුත් අවි අලෙවි කිරීම අනුමත කර ඇත. තායිවාන ප්‍රදේශයට ඊනියා ‘හමුදාමය සහනාධාර’ පිළිබඳ සම්බන්ධීකරණය කඩිනම් කිරීම පිළිබඳව ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ‘රහසිගත ව්‍යාපෘති කණ්ඩායමක්’ ස්ථාපිත කෙරුණු බව ද ආරංචි මාර්ගය පවසයි. 

මේ පිළිබඳව චීන රාජ්‍ය මණ්ඩලයේ අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා ස්ථාවරය පැහැදිලි කළේය. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන රටවල් චීනයේ තායිවාන ප්‍රදේශය සමග කවරාකාරයේ හෝ හමුදාමය සම්බන්ධතා පැවැත්වීමට විරුද්ධ වන බව ඔහු කීය. ‘අවි අලෙවිය’ හෝ ‘හමුදාමය ආධාරය’ හෝ සෙසු නාමයන් ගෙන් සිදු කෙරුණු එබඳු ක්‍රියාවන්හී යටි අරමුණ තායිවාන ප්‍රදේශය යුද්ධයකට තල්ලු කිරීමේ දුෂ්ට කුමන්ත්‍රණය බව පැහැදිලිය. එකම චීනය මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන අනුගමනය කරමින් තායිවාන ප්‍රදේශයට අවි අලෙවිය, එම ප්‍රදේශය සන්නද්ධ කිරීම හා බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.  තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන එහි ඊනියා පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බාහිර බලවේගය මත යැපී සන්නද්ධ මාර්ගයෙන් බෙදුම්වාදී අරමුණ ඉටු කිරීමට ගන්නා උත්සාහයෙන්, තායිවාන ප්‍රදේශය අනතුරුදායික තත්ත්වයකට ලක් කර එහි ජනතාව දැඩි විපතට ගොදුරුවීම පමණක් සිදු වනු ඇතැයි චෙන් බින්හුවා මහතා අවධාරණය කර ඇත.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම