ඊශ්‍රායලය හා හමාස් සංවිධානය ගාසා තීරයේ යුද අපරාධවලට වග කිව යුතු බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විමර්ශන කොමිසමක් කියයි
2024-06-12 19:27:21
Share with:

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි ඇරඹීමෙන් පසු ගාසා තීරයේ හමුදා මෙහෙයුම්වල දී සිදුකෙරුණු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විමර්ශන කොමිසමක් පවසයි. එම කොමිසම මගින් අද (12)  නිකුත් කෙරුණු  වාර්තාවක  මේ බව දැක්වේ.

මීට අමතරව, හමාස් සහ අනෙකුත් පලස්තීන සන්නද්ධ හමුදා ද යුද අපරාධ සහ වෙනත් අපරාධ සඳහා වගකිව යුතු බව එම වාර්තාව සඳහන් කරයි.

පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ නව අදියර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයක් විසින් සිදුකෙරුණු පළමු සහ පුළුල්ම පරීක්ෂණය මෙයයි. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා, චන්ද්‍රිකා ඡායාරූප, අධිකරණ වෛද්‍ය වාර්තා සහ වෙනත් සාක්ෂි ඔස්සේ ගැටුම අතරතුර පලස්තීනය සහ ඊශ්‍රායලය සිදුකළ අපරාධ රැසක් වාර්තාවේ ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම