ඇමරිකාව ලෝකයේ ‘සුපිරි දඬුවම් පනවන්නා’ බවට පත්ව ඇතැයි ගෝලීය ජනතාව පවසති
2024-06-12 20:14:58
Share with:

ඇමරිකාව ලෝකයේ ‘සුපිරි දඬුවම් පනවන්නා’ බවට පත්ව ඇතැයි ජනමත විමසුමකට එක් වූ ගෝලීය ජනතාවගෙන්  80% කට ආසන්න පිරිසක් කියාසිටිති.  ලොව පුරා අන්තර්ජාලය භාවිත කරන්නන් යොදාගනිමින් CGTN  ආයතනය මෙම මත විමසුම මෙහෙයවීය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු පිරිසට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවලට විරෝධය දැක්වීම සඳහා ඇමරිකාව යළිත් වරක් ‘සම්බාධක මෙවලම’ භාවිතා කර තිබේ.  ඇමරිකාවේ ඊට අදාළ පනත ගෝලීය ජනතාව පුළුල් විවේචනයට ලක් කර ඇත.  මත විමසුමට එක් වූ 90.1% ක පිරිසක් ඇමරිකානු සම්බාධකවලට නීත්‍යනුකූල භාවයක් නොමැති බව පවසා තිබේ. ජාත්‍යන්තර සංවිධානවලට සහ ජාත්‍යන්තර පටිපාටියට ගරු නොකිරීම ද එහිදී විවේචනයට ලක්ව ඇත.

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ.  2020 වසරේ එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ ඇෆ්ගනිස්ථාන යුද්ධයේ දී ඇමරිකාවේ හැසිරීම විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්ට සම්බාධක පනවන බවයි. 

සෙසු රටවලට සහ ජාත්‍යන්තර සංවිධානවලට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද අනිසි සම්බාධක, එක්සත් ජාතීන්ගේ මූලික පදනම වන බහුපාර්ශ්වික ජාත්‍යන්තර පටිපාටිය බරපතල ලෙස යටපත් කර ඇති බව මත විමසුමට එක් වූ 85.2% ක පිරිසකගේ අදහසයි.

ඇමරිකානු සම්බාධක නිසා හටගත් බරපතල මානුෂික අර්බුද හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව 93% ක පිරිසක් පවසා තිබේ.

ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු අන්තර්ජාල වේදිකාවල පැය 24 ක් පුරා පැවති මත විමසුමට 15 000 ක පිරිසක් සහභාගි වී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම