ඓතිහාසික සත්‍යය හෙළිදරව් කිරීමට ධෛර්යය ඇති ජපාන ජනතාව අගය කරන බව චීනය කියයි
2024-06-12 17:23:32
Share with:

ඓතිහාසික සත්‍යය හෙළිදරව් කිරීමට සහ ඊට මුහුණ දීමට ධෛර්යය මෙන්ම තීක්ෂ්ණ බුද්ධිය ඇති ජපාන ජනතාව චීනය අගය කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. ජපානය සිය මිලිටරි ආක්‍රමණ ඉතිහාසයට මුහුණ දිය යුතු අතර, ඒ පිළිබඳව ගැඹුරින් මෙනෙහි කළ යුතු බවත්, එම වැරදි නැවත සිදුනොකළ යුතු බවත් ඔහු පෙන්වාදෙයි.

ජපාන විද්වතුන් දෙපළක් වන Seiya Matsuno සහ Shigeo Nasu යන මහත්වරු චීනයේ Yiwu නාගරික ලේඛනාගාරයට සහ Yiwu හි ජපන් ආක්‍රමණික බැක්ටීරියා යුද්ධය පිළිබඳ කරුණු සහිත ප්‍රදර්ශනාගාරයට එම යුද්ධය හා බැඳුණු ඓතිහාසික වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය දා පරිත්‍යාග කළහ. ඒ,  "ජපානය සහ චීනය මිතුරන් බවත්, දෙරට අතර තවත් යුද්ධයක් ඇති නොවන බවත්" සඳහන් කළ පණිවිඩයක් ද සමගිනි. මේ ප්‍රදානය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Lin Jian මහතා ඉහත අදහස් පළ කළේය.

දෙවන ලෝක සංග්‍රාමයේ දී ජපන් ආක්‍රමණිකයන් ජාත්‍යන්තර නීතිය සාහසික ලෙස උල්ලංඝනය කරමින් චීන ජනතාවට එරෙහිව දරුණු බැක්ටීරියා යුද්ධයක් දියත් කළ බව Lin Jian මහතා සිහිපත් කළේය. මෙවර පරිත්‍යාග කෙරුණු  අතීත වස්තු මගින් ජපාන මිලිටරිවාදීන් එවැනි යුද්ධයක් දියත් කළ බව සාක්ෂි සහිතව සනාථ කර ඇතැයි ද ඔහු පැවසීය. එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව මෙහිදී යළිත් වරක් පිළිබිඹු වී ඇති බව ද Lin Jian මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම