මලාවි උපජනපතිගේ අභාවය පිළිබඳව චීනයේ සංවේගය පළ වේ
2024-06-12 18:25:09
Share with:

මලාවි ජනරජයේ උපජනාධිපති Saulos Chilima මහතා ඇතුළු 10 දෙනෙකු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව චීනය ශෝකය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. විපතට පත් පිරිසගේ ඥාතීන් වෙත චීනය සංවේගය පළ කරන බව ද ඔහු සඳහන් කළේය.

මලාවි ජනාධිපති Lazarus Chakwera මහතා ඊයේ (11) ජාතිය අමතමින් එම අනතුර පිළිබඳව දැනුම් දුන්නේය.

චීනය සහ මලාවි ජනරජය අවංක හා මිත්‍රශීලී හවුල්කරුවන් බව Lin Jian මහතා පැවසීය. මෙම අසීරු අවස්ථාවේ දී Lazarus Chakwera ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ හැකි වෙතැයි චීනය විශ්වාස කරන බව ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම