හමාස් සංවිධානය සටන් විරාම යෝජනාවට සක්‍රිය ප්‍රතිචාර දක්වයි
2024-06-12 10:50:05
Share with:

ජිහාඩ් සංවිධානය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ඊයේ(11) ප්‍රකාශ කළේ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් කටාර් හා ඊජිප්තුව යන අතරමැදි රටවල් දෙකට ප්‍රතිචාර දක්වා ඇති බවයි.

තම සංවිධානය පලස්තීන ජනතාවගේ යහපතට මුල් තැන දී එසේ ප්‍රතිචාර දැක්වූ බවත් , යුද්ධය කඩිනමින් අවසන් කිරීම සඳහා වගකීම් සහගතව හා සක්‍රිය ආකල්පයෙන් කටයුතු කරන බවත්, එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

ඉකුත් 10වැනි දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 2735වැනි යෝජනාව සම්මත කර ඇත. ගාසා තීරයේ වහාම පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසත්, කිසිදු කොන්දේසියකින් තොරව වහාම 2735වැනි යෝජනාව ක්‍රියාවට නංවන ලෙසත්, ආරක්ෂක මණ්ඩලය ඊශ්‍රායලයෙන් හා හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම