රජයේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමට එක්වන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්
2024-06-12 14:29:44
Share with:

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් මාර්ගයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමාගේ නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වන තරුණ නියෝජිතයන් සමග ඊයේ (11) කොළඹ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

ජනතාවට රජයේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යා හැකි බවත්, කඩාවැටුණු ආර්ථිකයක් සමග යළිත් ජනතාව දුක්විඳිය යුතු නැති බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය. එසේම, රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ භාරගනිමින් රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතු බව ද ඔහු පැවසීය.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ වෙතින් ද ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම