චීන AI චිප් භාවිතය සීමා කිරීමට සූදානම් වන ඇමරිකාවට චීනයේ දැඩි විරෝධය
2024-06-12 18:16:38
Share with:

චීනයේ AI චිප් භාවිතය සීමා කිරීමට සූදානම් වන ඇමරිකාවට චීනයේ දැඩි විරෝධය පළ වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

AI සඳහා චිප් තාක්ෂණය චීනය සතු වීම හේතුවෙන් ඇමරිකානු රජය වැඩිදුර සීමා කිරීම් සඳහා සලකා බැලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Lin Jian මහතා පැවසුවේ,  ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි බරපතල ලෙස කඩාකප්පල් කරන මෙවැනි ඇමරිකානු ප්‍රයත්නයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි.

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළව චීනය සමඟ සංවාද පැවැත්වීමට අපේක්ෂා කරන බව පවසන ඇමරිකාව, චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව මර්දනය කිරීමට සැලසුම් කරමින් සිටී. ඔවුන්ගේ එවැනි ක්‍රියාමාර්ගවලින් චීනයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රගතියට බාධා කළ නොහැකිය. එසේම එමගින් චීන ව්‍යවසායන්ගේ ස්වාධීනත්වය හා ස්වයංපෝෂිතභාවය වඩාත් දිරිගැන්වෙනු ඇති බව ද Lin Jian මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම