අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු කඩිනමින් ක්‍රමවත් කිරීමට පියවර
2024-06-12 16:50:24
Share with:

අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ක්‍රමවත් කරන ලෙස අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම ප්‍රදේශවල දරුවන්ට පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය. හංවැල්ල දේවස්ථානය, පුවක්පිටිය පූර්වාරාමය සහ අවිස්සාවේල්ල සුභද්‍රරාම පිරිවෙන යන ස්ථානවල දී එම ආධාර ප්‍රදානය  ඊයේ (11) සිදුකෙරිණ. චීනයේ හොංකොං හි ශාක්‍යමුනි බෞද්ධ පදනම සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමය මෙම සත්කාරයට දායක වී තිබේ.

කිසිදු කරුණක් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා සිදුවීමට ඉඩදිය නොහැකි බව අගමැතිවරයා මෙහිදී කියාසිටියේය. අදාළ ආයතන ප්‍රාදේශීය පරිපාලනයන් සමග එක්ව  පාසල් පවිත්‍ර කිරීම් හා අලුත්වැඩියා කටයුතු මේ වනවිටත් අරඹා ඇත. ගංවතුරින් පොත්පත්වලට හානි වීම නිසා පීඩාවට පත්ව ඇති දරුවන්ගේ මනස සුවපත් කළ යුතුව ඇතැයි ද අගමැතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම