මැයි මස දී චීන පාරිභෝගික මිල දර්ශකයේ වර්ධනයක්
2024-06-12 10:57:21
Share with:

ඉකුත් මැයි මස චීන පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 0.3 කින් ඉහළ යයි.

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම සංඛ්‍යාලේඛනයට අනුව, මැයි මාසයේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 0.3 කින් හා 0.4කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම ආහාර මිල සියයට 2කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩවල මිල සියයට 0.8කින් ඉහළ ගොස් ඇත. පාරිභෝගික භාණ්ඩ මිල පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේදී සමාන මට්ටමක පවතී. සේවා අංශයේ මිල ද සියයට 0.8කින් වර්ධනය වී තිබේ.

ඉකුත් ජනවාරි සිට මැයි මස දක්වා මාස 5ක කාලය තුළ පාරිභෝගික මිල දර්ශකය වසරින් වසරට සියයට 0.1 කින් ඉහළ ගොස් ඇත.

මේ අතර ඉකුත් මැයි මස චීනයේ පරිභෝජන මිල දර්ශකය පසුගිය අප්‍රේල් මස හා සැසඳීමේදී සියයට 0.1කින් පහළ ගොස් ඇත. ආහාර මිල සමාන තත්ත්වයක පවතින අතර ආහාර නොවන භාණ්ඩවල මිල සියයට 0.2කින් පහළ ගොස් තිබේ. එමෙන්ම පාරිභෝගික භාණ්ඩ හා සේවා යන දෙඅංශයේම මිල සියයට 0.1කින් අඩු වීමක් ද පෙන්නුම් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම