තාක්ෂණයෙන් ඉදිරියට යන අතරම සංස්කෘතිය හා සිය අනන්‍ය උරුමයන් සුරැකීමට චීනය ගෙන ඇති පියවර ආදර්ශයක්
2024-06-12 14:59:28
Share with:

චීනය ලෝක දේශපාලනයේ මෙන්ම ලෝක සාහිත්‍යයේත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලද රටක් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි. චීනයෙන් ලෝකයට දායාද කරන ලද සංස්කෘතිකාංග රාශියකි. තාක්ෂණික වෙළඳපොළ සහ ආර්ථික ජයග්‍රහණ වැනි මතු පිටින් පෙනෙන මෙම කරුණු හැරුණු කොට  ලෝකය ජයග්‍රහණය කිරීමට චීනයට හැකි වීමට ප්‍රමුඛ හේතුවක් වූයේ එම සංස්කෘතික දායාදයන් බවද හෙතෙම සඳහන් කරයි. චීන සංස්කෘතියේ ප්‍රධාන සංස්කෘතිකාංග අතර සංගීතය, දර්ශනය ඇතුළු විවිධ කලා ලක්ෂණ ඇතුළත්ය. ලෝකයේ සුවිශාල ජනාකීර්ණ රටක් වන චීනයේ ජනවාර්ගික හා භාෂාවන්හි විශාල විවිධත්වයක් පවතී. එම විවිධත්වයන් සුසංගත ලෙස පවත්වා ගෙන යාමට චීනය සමත්ව සිටී. වත්මන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කරුණක් වන චීන අනන්‍යතාව රැකගනිමින් නූතනත්වයත් සම්ප්‍රදායත් මුසුව ඉදිරියට ගමන් කළ යුතුය යන්න එම සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීමට ඔහු දක්වන කැපවීම මනාව පිළිබිඹු කරන්නක් බවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කරයි. චීනය යනු ආසියානු කලාපය තුළ එක්තරා සංස්කෘතික බලකේන්ද්‍රස්ථානයක් ලෙසට හැඳින්විය හැකිය. තාක්ෂණයෙන් ඉදිරියට යන අතරම සංස්කෘතිය හා සිය අනන්‍ය උරුමයන් සුරැකීමට චීනය ගෙන ඇති පියවර ආදර්ශයක් යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම