යල කන්නයේ පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 4263 ක් ලබා දී අවසන්
2024-06-12 16:49:37
Share with:

මෙවර යල කන්නය සඳහා පොහොර මිල දී ගැනීමට ලබාදෙන මුදල්, ගොවි ගිණුම්වලට බැර කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගනී. මෙවර කුඹුරු හෙක්ටයාර ලක්ෂ 05 ක වී වගා කිරීමට අපේක්ෂිත බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

මේ අනුව ඉකුත් 7 වැනිදා වනවිට පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 4263 ක මුදලක් ගොවි ගිණුම්වලට යොමු කර ඇත. ගොවීන් 383,260 කගේ ගිණුම්වලට එම මුදල් බැර කර තිබේ.

2024 යල කන්නය සඳහා හෙක්ටයාර 1 කට රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාර ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබිණ. මෙවර වී වගාව සඳහා රුපියල් මිලියන 7500ක මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති අතර එම මුදල ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම