ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කරමින් ගාසා තීරයේ සටන් විරාමයක් යළි ඉල්ලා සිටී
2024-06-11 10:46:46
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංක 2735 යෝජනාව සම්මත කරමින්, මාස අටක් තිස්සේ පවතින ඊශ්‍රායල-පලස්තීන ගැටුම හැකි ඉක්මණින් අවසන් කිරීම සඳහා, "ක්ෂණික, පුළුල් හා පූර්ණ" සටන් විරාමයක් අරඹන ලෙස ඉල්ලා සිටී.  මෙම යෝජනාව ඊයේ (10)  සම්මත කරනු ලැබීය.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15න් 14ක් මෙම යෝජනාවට එකඟතාව පළකර ඇත. රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය. මෙම යෝජනාවට අනුව, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය "ප්‍රමාදයකින් තොරව සහ කොන්දේසි විරහිතව" මෙම යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ය. ගාසා තීරයේ ජනගහණය හෝ භූමි ප්‍රදේශ වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයක් ආරක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කරන බව ද මෙම යෝජනාව මගින් අවධාරණය කෙරේ. "ද්වි-රාජ්‍ය විසඳුම" පිළිබඳව ඇති දැඩි කැපවීම ද එහිදී යළි තහවුරු කර ඇත.

පලස්තීන ජනාධිපති මන්දිරය සහ හමාස් සංවිධානය ඊයේ (10) වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ කළේ, ආරක්ෂක මණ්ඩලයේ සම්මත කෙරුණු මෙම යෝජනාව සාදරයෙන් පිළිගන්නා බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම