චීන අගමැතිවරයා නවසීලන්ත, ඕස්ට්‍රේලියා සහ මැලේසියාවේ සංචාරයකට සූදානම් වෙයි
2024-06-11 18:14:39
Share with:

නවසීලන්ත,ඕස්ට්‍රේලියා සහ මැලේසියාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ ආරාධනයෙන් චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ජුනි මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ මැලේසියාවේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (11) මේ බව ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියාව සංචාරයේදී Li Qiang මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා සමඟ චීන සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරුන් අතර නවවන වටයේ වාර්ෂික හමුව පැවැත්වීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා සාර්ථක නිළ චාරිකාවල 10 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කෙරේ. චීනය සහ නවසීලන්තය සහ චීනය සහ ඕස්ට්‍රේලියාව අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව පිහිටුවීමේ 10 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදී ඇත. එමෙන්ම, චීනය සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සහ “චීන-මැලේසියා මිත්‍රත්ව වර්ෂය” ද මෙම වසරට යෙදී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම