ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට
2024-06-11 14:23:55
Share with:

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා චක්‍රලේකනයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි.

එම චක්‍රලේඛනය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබා දෙන බවද හෙතෙම පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම