මකර ‍‍බෝට්ටු උත්සවය චීනයේ පැරණි මිතුරියක වන Sarah Lande මහත්මියගේ නිවසේ දී සැමරේ
2024-06-11 20:19:38
Share with:

මෙම වසරේ චීනයේ සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අලුතින් නම් කරන ලද ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය සමග සමපාත විය. ඊයේ (10) චීන මාධ්‍ය සමූහය සහ ඇමරිකාවේ චිකාගෝ හි චීන කොන්සල් ජනරාල් කාර්යාලය සමග ඒකාබද්ධව "මකර බෝට්ටු උත්සවය චීනයේ පැරණි මිතුරියක වන Sarah Lande මහත්මියගේ නිවසේදී සැමරීම " නමැති ක්‍රියාකාරකම පැවැත්වීය. මකර බෝට්ටු උත්සවය සැමරීම සහ සාම්ප්‍රදායික චීන සංස්කෘතිය අත්විඳීම සඳහා, Sarah Lande මහත්මිය චීනයේ සහ ඇමරිකාවේ මිතුරන්ට විශේෂ පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළාය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ක්‍රියාකාරකම හරහා Sarah Lande මහත්මියට සුහදශීලී ලිපියක් යොමු කර ඇත.

සම්ප්‍රදායික උත්සවයක් වන මකර බෝට්ටු උත්සවයේදී Sarah Lande මහත්මිය එම භෝජන සංග්‍රහය පැවැත්වීම පිළිබඳව Shen Haixiong මහතා සිය ලිපියෙන් කෘතඥතාව පළ කළේය. Sarah Lande මහත්මිය ඇතුළු ඇමරිකානු මිතුරන් සමඟ එක්ව දෙරටේ ජනතාව අතර මිත්‍රත්වයේ අපූරුත්වය තවදුරටත් නිර්මාණ කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය.

Shen Haixiong මහතාගේ ලිපිය සම්බන්ධයෙන් Sarah Lande මහත්මිය සිය ප්‍රණාමය පළ කළාය. 1985 වසරේ තම නිවසේ දී ෂී ජින් පිං මහතා පිළිගැනීමේ ගෞරවය තමාට හිමි වූ බව ඇය පැවසුවාය. 2012 දී එවක උප ජනාධිපති වූ ෂී ජින් පිං මහතා නැවත වරක් තම නිවසට පැමිණීමේ මතකය ද ඇය සිහිපත් කළාය.  ගත වූ දශක කිහිපය තුළ, සිය නිවස ඇමරිකාවේ අයෝවා ජනතාව සහ චීන ජනතාව අතර මිත්‍රශීලී හුවමාරුවලට සාක්ෂි දරා ඇති බව ඇය සඳහන් කළාය.

"ඇමරිකාව හා චීනය මිත්‍රත්වයෙන් සාමය ප්‍රවර්ධනය කරයි" යනුවෙන් Sarah Lande මහත්මිය එම අවස්ථාවේදී සටහනක් තබමින් දෙරටේ මිත්‍රත්වය සදහටම පවතිනු ඇතැයි ප්‍රාර්ථනා කළාය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම