ඇමරිකාව සිය න්‍යෂ්ටික අවි ගබඩාව දැඩි ලෙස අඩු කළ යුතු බව චීනය පවසයි
2024-06-11 18:51:42
Share with:

ඇමරිකාව සිය න්‍යෂ්ටික අවි ගබඩාව දැඩි ලෙස අඩු කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනය සහ රුසියාව ඇතුළු ප්‍රතිවාදීන්ගේ අභියෝගවලට එරෙහිව, ඇමරිකාව වඩාත් තරඟකාරී න්‍යෂ්ටික උපායමාර්ගයක් ගනු ඇති බව ඇමරිකාවේ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ න්‍යෂ්ටික නිර්ව්‍යාපත් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ  Pranay Vaddi පසුගිය 7 වැනිදා ඊනියා “චීනය න්‍යෂ්ටික අවි ගබඩාව වේගයෙන් ව්‍යාප්ත කිරීම” යනුවෙන් චෝදනා කරමින් ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී දැඩි විරෝධය පළ කළේය. න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය චීනය අනුගමනය කරන බව ඔහු පෙන්වා දුන්නේය. චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලවේග ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය අවම මට්ටමින් පවත්වාගෙන යන අතර, එය කිසිදු රටකට තර්ජනයක් නොවන බව ද ඔහු කීය.

විශාලතම සහ වඩාත්ම දියුණු න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති රට ලෙස, ඇමරිකාව අදාළ වගකීම වෙනත් රටවලට පවරනවා වෙනුවට, එහි න්‍යෂ්ටික අවි ගබඩාව තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බව Lin Jian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම