මලාවි ජනරජයේ උප ජනපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
2024-06-11 19:17:51
Share with:

මලාවි ජනරජයේ උප ජනාධිපති Saulos Chilima මහතා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය කඩා වැටේ. ඔහු ඇතුළු එහි සිටි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එරට ජනාධිපති Lazarus Chakwera මහතා අද(11) ප්‍රකාශයට පත් කළේය.

එම හමුදා ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන ඇති බව එරට හමුදාව විසින් සනාථ කර තිබේ.

Saulos Chilima 1971 වසරේ උපත ලැබීය. ජනාධිපති අපේක්ෂකයෙකු වූ  Bingu WA MUTHARIKA ගේ හවුල්කරු ලෙස 2014 වසරේ පැවති ජනාධිපතිවරණයට එක්වූ Chilima මහතා මලාවි උප ජනාධිපති ධුරයට තේරී පත් විය. 2020 වසරේ, එරට වත්මන් ජනාධිපති Lazarus Chakwera මහතා ගේ හවුල්කරු ලෙසට හෙතෙම ජනාධිපතිවරණයට එක් වූ අතර, යළි උප ජනාධිපතිවරයා ලෙසට තෝරා ගනු ලැබිණ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම