චීනයේ සිව්වන ගගනගාමීන් කණ්ඩායමට නව ගගනගාමීන් තෝරා ගැනීම සාර්ථකව අවසන්
2024-06-11 10:49:29
Share with:

චීනයේ සිව්වන ගගනගාමීන් කණ්ඩායම සඳහා ගගනගාමීන් තෝරා ගැනීම සාර්ථකව අවසන් කෙරේ. 

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් සිව්වන ගගනගාමීන් කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු පසුගිය දා අවසන් විය. ඒ අනුව මූලික වශයෙන් ගගනගාමීන් 10 දෙනෙක් තෝරා ගත් බව චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය. චීනයේ හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපවලින් ද එක් අයකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයකි. ඉන් පසුව අදාළ කණ්ඩායම චීන ගගනගාමීන්ගේ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුළුල් හා ක්‍රමානුකූල පුහුණුවකට සහභාගි වනු ඇත.

චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ වැඩසටහනේ සිව්වන ගගනගාමීන් කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු පසුගිය 2022 වසරේ දෙවන භාගයේ දී ආරම්භ වී ඇත. එමෙන්ම වර්තමානයේ චීන ගගනගාමීන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීමේ කටයුතු පෙරට වඩා විධිමත් කර තිබේ. ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ ගවේෂණ පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා ශක්තිමත් වීමත් සමග විදේශ ගගනගාමීන් තෝරා ගැනීම් හා පුහුණු කිරීම් ද චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම්වලට අදාළව ක්‍රියාත්මක කරනු ඇති බවද එහිදී ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම