ඊජිප්තු ජනපති සහ ඇමරිකාවේ රාජ්‍ය ලේකම් අතර හමුවක්
2024-06-11 11:17:00
Share with:

ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා ඊයේ(10) කයිරෝ අගනුවරදී නිල සංචාරයක නිරත වන ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමුවිය. ගාසා තීරයේ සටන් විරාමය සහ පලස්තීනය හා ඊශ්‍රායලය රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීම සඳහා දිරි ගැන්වීමේ කටයුතු කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම එහිදී එකඟ වූ බව ඊජිප්තු ජනාධිපති මන්දිරය එදින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය. කලාපයේ ආරක්ෂාව සහ සාමය යළි ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාව ඊජිප්තුව සමග සහයෝගයෙන් සහ මනා සම්බන්ධීකරණයෙන් අඛණ්ඩව කටයුතු කරන බව Antony Blinken මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවලට අනුව, Antony Blinken මහතා ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා සහ විදේශ අමාත්‍ය Israel Katz මහතා සමග ද එදින ජෙරුසලමේ දී සාකච්ඡා පවත්වා ඇත. පලස්තීන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳව, රඳවා සිටින පුද්ගලයන් නිදහස් කිරීම සහ ආරක්ෂාව වැනි කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා කර ඇත.

ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කිරීම වැනි කරුණු පිළිබඳ හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා Antony Blinken මහතා ජූනි 10 වනදා සිට 12 වනදා දක්වා ඊජිප්තුව, ඊශ්‍රායලය, ජෝර්දානය සහ කටාර් යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම