චීන අගමැතිවරයා නවසීලන්ත, ඕස්ට්‍රේලියා සහ මැලේසියාවේ සංචාරයකට සූදානම් වෙයි
2024-06-11 18:11:44
Share with:

විවිධ පාර්ශ්ව සමග එක්ව ලෝක උරුමයන් සුරැකීම තහවුරු කිරීමට චීනය අපේක්ෂා කරයි.

පසුගිය 8 වැනිදාට චීනයේ 8 වැනි ‘සංස්කෘතික හා ස්වාභාවික උරුම දිනය’ යෙදී තිබේ. මේ සම්බන්ධයෙන් අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ මේ වනවිට, ලෝක උරුමයන් 57ක් චිනයට හිමි වී ඇති බවයි. මෙම සංඛ්‍යාව ලෝකයේ දෙවැනි ස්ථානය ගනී. ඒ අතරින්, චීනය සතු ලෝක ස්වාභාවික උරුමයන් සංඛ්‍යාව සහ සංස්කෘතීන් හා ස්වාභාවයන්ගෙන් මුසු උරුමයන් සංඛ්‍යාව ද ලොව පුරා පෙරමුණ ගෙන ඇත. 1985 වසරේ ‘‍ලෝක සංස්කෘතික හා ස්වාභාවික උරුම සුරැකීමේ සම්මුතිය’ට එක්වීමෙන් පසු ලෝක උරුමයන් සුරැකීම පිළිබඳ චීන ක්‍රියාමාර්ග තහවුරු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට අනුව ගෝලීය වශයෙන් ලෝක උරුම ව්‍යාපාර හා ශිෂ්ටාචාර හුවමාරු සහතික කිරීමට චීන ඥානය හා සවිය ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම