චීන විදේශ අමාත්‍යවරයා බ්‍රික්ස් විදේශ අමාත්‍ය සමුළුවට එක්වෙයි
2024-06-11 11:06:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙයි.

සමුළුව ඊයේ (10) රුසියාවේ  Nizhny Novgorod නගරයේ දී පැවැත්විණ.

ගෙවී ගිය වසරේ බ්‍රික්ස් රටවල ව්‍යාප්තිය ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් වූ බවත්, නව යුගයේ බ්‍රික්ස් රටවල ආකර්ෂණය අඛණ්ඩව ඉහළ යන බවත් වං යී මහතා එහිදී පැවසීය. ලෝකයේ බහුධ්‍රැවකරණය ප්‍රවර්ධනය හා ඒකධ්‍රැව ආධිපත්‍යය අතර මෙන්ම ආර්ථික ගෝලීයකරණය හා එය වැළැක්වීම අතර පවතින ගැටුම්වලට එරෙහිව ක්‍රියා කරමින් යුක්තිය සහ සාධාරණත්වය අනුව නිවැරදි තීරණ අනුගමනය කළ යුතු බව ද හෙතෙම කියාසිටියේය.

නැගී එන නව වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් පදනම් කර ගෙන ගෝලීයකරණය, විවෘත භාවය සහ වෙනස්කම් පිළිගැනීම සහිත නව බහුපාර්ශ්වික සහයෝගිතා ක්‍රමවේදයක් බ්‍රික්ස් රටවල් සඳහා බිහි කළ යුතු බව ද වං යී මහතා අවධාරණය කළේය.

සමුළුවට එක්වූ විවිධ පාර්ශ්ව බ්‍රික්ස් ක්‍රමවේදයේ වැදගත්කම හා ව්‍යාප්තියේ ප්‍රතිඵල ඉහළින් අගය කර ඇත. බ්‍රික්ස් විදේශ අමාත්‍ය සමුළුවේ ඒකාබද්ධ නිවේදනය ද එහිදී නිකුත් කෙරිණ.

වං යී මහතා එම සමුළුවට සමගාමීව ලාඕසය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව හා ඉතියෝපියාව ඇතුළු රටවල විදේශ ඇමතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වීය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම