තිරසර අනාගතයක් සඳහා අන්තර් සංස්කෘතික සංවාදයක් අත්‍යවශ්‍යයි- යුනෙස්කෝ සංවිධානය
2024-06-11 11:01:25
Share with:

තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් සංස්කෘතික සංවාදයක් ඉතා වැදගත් බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් Gabriela Ramos මහත්මිය ඊයේ(10) වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ බව සඳහන් කළාය. චීනය යෝජනා කළ ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනයට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම පිළිබඳව තමා සතුටු වන බව Gabriela Ramos මහත්මිය එහිදී පැවසුවාය.

දේශගුණික විපර්යාස, වසංගත සහ යුධ ගැටුම් වැනි විවිධ ගෝලීය අභියෝග හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධව ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ස්ථාපිත කිරීම, සියලු අභියෝග විසඳීමට ඵලදායී මාර්ගයක් වනු ඇති බව ද ඇය සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩල සැසිවාරයේ දී ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ස්ථාපිත කිරීම පිළිබඳ චීනයේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව සෑම වසරකම ජුනි මස 10 වන දින ශිෂ්ටාචාර අතර සංවාදය සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම්  කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම