මෙරට පරිගණක සාක්ෂරතාව ඉහළට
2024-06-11 14:14:52
Share with:

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්ය.

එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය සියයට 63.5ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙරට පවුල්වලින් සියයට 20.2ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිත කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ  වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම