චීන ජනපති නව සංශෝධිත “හමුදා විගණන රෙගුලාසි” නිකුත් කිරීමේ නියෝගයකට අත්සන් තබයි
2024-06-11 18:27:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිටු සභාපති ෂී ජින් පිං මහතා පසුගිය දා නව සංශෝධිත “හමුදා විගණන රෙගුලාසි” නිකුත් කිරීමේ නියෝගයකට අත්සන් තැබීය. මෙම රෙගුලාසි ජූලි 1 වැනිදා සිට බලාත්මක වනු ඇත.

මෙම රෙගුලාසි මගින් හමුදාව ශක්තිමත් කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය තරයේ ක්‍රියාත්මක කරන අතර නව යුගයේ හමුදා විගණන කටයුතු සඳහා සමස්ත අවශ්‍යතා, වගකීම් හා යුතුකම්, පටිපාටි යාන්ත්‍රණයන් යනාදිය තවදුරටත් ක්‍රමානුකූලව ප්‍රමිතිගත කෙරේ. චීනයේ ජාතික ආරක්‍ෂාව සහ හමුදා ගොඩනැංවීම්වල උසස් තත්ත්වයේ සංවර්ධනය වඩා හොඳින් සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම