චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ පස්වන රැස්වීම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2024-06-11 19:20:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ පස්වන රැස්වීම අද (11) පස්වරුවේ චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිටු සභාපති ෂී ජින්පිං මහතා‍ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

‘චීන ලක්ෂණ සහිත නවීන ව්‍යවසාය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳ උපදෙස්’ ‘විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා ගෝලීය වශයෙන් කැපී පෙනෙන පරිසරයක් ගොඩනැගීම පිළිබඳ උපදෙස් කිහිපයක්” ඇතුළු ලියවිලි රැසක් එහිදී අනුමත කෙරිණ.

ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේ චීන මාදිලියේ නවීන ව්‍යවසායන් හි ක්‍රමවේද තහවුරු කිරීමේදී චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී පද්ධතිමය ප්‍රතිලාභ වෙත අවධානය යොමු කළ යුතු බවයි. චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කර තිබේ. විවෘතභාවය හරහා නවෝත්පාදනය සහතික කරමින් ගෝලීය නවෝත්පාදන පද්ධතීන් වැඩිදියුණු කළ යුතු ය. මේ සඳහා වන ප්‍රධාන ක්ෂේත්‍ර හා කේන්ද්‍රීය ක්‍රියාදාම වෙත ඉහළ අවධානය යොමු කරමින් විවෘතභාවය හා නවෝත්පාදන ක්‍රමවේදයේ ඇති අඩුපාඩු අවම කළ යුතු යැයිද  චීන ජනාධිපතිවරයා එහිදී උපදෙස්  ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම