නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අගමැති ධුරයේ යළි දිවුරුම් දෙයි
2024-06-10 15:50:31
Share with:

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය රජයේ අගමැතිවරයා ලෙස යළි දිවුරුම් දෙයි.  

එම උළෙල ඊයේ (9) නවදිල්ලි අගනුවර දී පැවැත්විණ. මෙය ඔහු අගමැති ධුරයට පත්වන තුන්වැනි අවස්ථාවයි. මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයෙන් ජය ලැබීය.

ඉන්දියානු පාර්ලිමේන්තුව ෆෙඩරල් සභාව සහ ලෝක් සභාව ලෙස මන්ත්‍රී මණ්ඩල 2 කින් සමන්විත ය.

ලෝක් සභා මැතිවරණය සෑම වසර 5කට වරක් පවත්වනු ලබන අතර, බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට හෝ සන්ධානයට රජය පිහිටුවීමේ බලය හිමි වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම