දකුණු චීන මුහුදේ විශාලතම ආරක්ෂක අභියෝගය එල්ල වන්නේ කලාපයට පිටතින් බව චීන නියෝජ්‍ය විදේශ ඇමති කියයි
2024-06-10 17:06:28
Share with:

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ආසියාන් සංගමය සහ චීනය, ජපානය හා දකුණු කොරියාව (10+3) අතර සහයෝගිතාව, නැගෙනහිර ආසියානු සමුළුව සහ ආසියාන් කලාපීය සංසදය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම්වලට සහභාගි වෙයි. ඉකුත් 7,8 දෙදින ලාඕසයේ දී එම රැස්වීම් පැවැත්විණ.

නැගෙනහිර ආසියාවේ යාන්ත්‍රණ සංවර්ධනයේ දී නිවැරදි දිශාව අනුගමනය කිරීම හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එම කලාපීය රටවල් පුළුල් එකඟතාවකට පැමිණ ඇති බව Sun Weidong මහතා අදාළ රැස්වීම්වලින් පසුව කියාසිටියේය. එය නැගෙනහිර ආසියානු සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයන්ගේ සහ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම් මාලාවක් සඳහා පූර්ව සූදානමක් සකසා ඇතැයි  ද ඔහු පැවසීය.

වර්තමානයේ දකුණු චීන මුහුදේ පවතින විශාලතම ආරක්ෂක අභියෝගය එල්ල වන්නේ කලාපයට පිටතින් බව ද Sun Weidong මහතා පෙන්වා දුන්නේය. ඇමරිකාව ප්‍රමුඛ බාහිර බලවේග, භූ දේශපාලනය සහ කඳවුරු ගැටුම් හැසිරවීම නිසා එහි ගැටළු තීව්‍ර කර ඇත. දකුණු චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇති අතර, ඒ හා සම්බන්ධ රටවල් සමඟ සංවාද පවත්වමින් ආරවුල් නිසි ලෙස කළමනාකරණය කිරීමට චීනය කැපවී සිටින බව ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා, ආසියාන් රටවල් සමඟ එක්ව “දකුණු චීන මුහුදු කලාපීය පාර්ශවයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශය” ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් බව ද ඔහු අවධාරණය ක‍ළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම