චීනයේ මකර බෝට්ටු උත්සව සමයේ දේශීය සංචාරක පිරිස කෝටි 11 ඉක්මවයි
2024-06-10 19:46:54
Share with:

මෙම වසරේ චීනයේ සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සව නිවාඩු දින තුනේ දේශීය සංචාරයන්හි නිරත වූ සංඛ්‍යාව කෝටි 11 ඉක්මවයි. මෙය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 6.3%ක වර්ධනයකි. මීට වැය කර ඇති සමස්ත වියදම යුවාන් බිලියන 40.35 ක් වන අතර, එය පසුගිය වසරේ අදාළ කාලයේ වාර්තා වූ අගයට වඩා 8.1%ක වර්ධනයක් බව චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශ  දත්ත වාර්තාවන් හි දැක්වෙයි.

මෙවර මකර බෝට්ටු උත්සව නිවාඩුව යෙදී තිබුණේ පසුගිය 8 වැනිදා සිට අද (10) දක්වා යි. චීන ජනතාව මේ උත්සව සමයේ දී මකර බෝට්ටු තරග පැවැත්වීම, Zongzi නමැති චීනයට ආවේණික අතුරුපස අනුභව කිරීම වැනි සාම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වෙති. 

විවිධාකාර සංස්කෘතිකාංගවලින් සමන්විත ක්‍රියාකාරකම් රැසක් මෙවර ද චීනය පුරා පවත්වා තිබේ. ජනතාව විනෝදාස්වාදය හා සංචාරය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා තිබීම ද මෙවර කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම