චීනයේ Sinopec වෙතින් නවීන පහසුකම් සහිත ඉන්ධන පිරවුම්හල්
2024-06-10 16:27:57
Share with:

චීනයේ Sinopec සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමේ පළමු සංවත්සරය සැමරේ. මේ නිමිත්තෙන් සමාගමේ නවීකරණය කරන ලද ප්‍රථම පිරවුම්හල නවගමුවේ දී විවෘත කරනු ලැබීය.

Sinopec වෙත පවරන ලද පිරවුම්හල් 150 ක මාස තුනක් පුරා සිදුකෙරුණු සාර්ථක මෙහෙයුමෙන් පසු එම සමාගම මෙරට ඉන්ධන සේවා නවීකරණය කිරීමට කැපවී සිටී. ඒ සඳහා වන දිගුකාලීන ආයෝජන, පහසුකම් නවීකරණය, සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම පරිසර වගකීම සහතික කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.  පිරවුම්හල් හිමියන් සහ සේවකයන්ගේ ස්ථාවර වර්ධනය තහවුරු කිරීම ද ප්‍රමුඛ අරමුණකි.

ඊළඟ වසර 3 තුළ තවත් පිරවුම්හල් 149 ක් නවීකරණය කිරීමට සහ නව පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට Sinopec සමාගම සැලසුම් සකස් කර ඇත. සේවකයන් සඳහා වෘත්තීය පුහුණුව සහ සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතය. විවිධ භාෂා සහාය සහිත සම්පූර්ණ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම