ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ප්‍රකාශයට පත්කිරීමේ වැදගත්කම ජගත් සංවිධානය අවධාරණය කරයි
2024-06-10 15:45:49
Share with:

ජූනි 10 වැනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැසසුම් හිමි වේ.

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ශිෂ්ටාචාර සන්ධානයේ ඉහළ පෙළේ නියෝජිත Miguel Angel Moratinos මහතා ඊයේ (9) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය සම්බන්ධයෙන් චීනය විසින් කරන ලද යෝජනාව, එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩලය සම්මත කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බව යි. සංස්කෘතික විවිධත්වයට හා වෙනස්කම්වලට ගරු කරමින් අන්‍යෝන්‍ය මානව ගෞරවය ආරක්ෂා කරන ලෙස ද ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ස්ථාපිත කිරීමේ දී චීනය සහ අනෙකුත් රටවල් දැක්වූ සහයෝගය වෙනුවෙන් Miguel Angel Moratinos මහතා සිය කෘතඥතාව පළ කළේය. ශිෂ්ටාචාර, සංස්කෘතීන් සහ ආගම් අතර පුළුල් අවබෝධය සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ දී එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාර සන්ධානය සතු වැදගත් කාර්යභාරය හඳුනා ගැනීම පිළිබඳව ද ඔහු එම රටවලට ප්‍රශංසාව පුද කළේය.

ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ප්‍රකාශයට පත්කිරීම සඳහා චීනය පසුගිය 7 වැනිදා එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම