නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබ පැතුම්
2024-06-10 16:26:44
Share with:

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. දෙරට සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට ද නායක දෙපළ ප්‍රතිඥා දී තිබේ.

දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ඇරයුමක් අනුව ජනාධිපතිවරයා එම අවස්ථාවට එක්විය.

කලාපීය රාජ්‍ය නායකයෝ පිරිසක් ද දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටියහ.

මේ අතර, ජනාධිපතිවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ද හමුවී සාකච්ඡා පවත්වා ඇත. ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (10) දිනයේ එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම