යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී යුරෝපා මහජන පක්ෂය ඉදිරියෙන්
2024-06-10 18:38:53
Share with:

2024 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික ප්‍රතිඵල අනුව ආසන 184 ක් දිනා ගනිමින් යුරෝපා මහජන පක්ෂය ඉදිරියෙන් සිටී.

සමාජවාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රගතිශීලී සන්ධානය ආසන 139ක් දිනා ගනිමින් දෙවැනි තැනට පත්ව ඇත. 

මෙවර මැතිවරණයේ දී මධ්‍යස්ථ මතධාරී පක්ෂවලට ආසන අහිමි වීම සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගැනීම ලෝක දේශපාලන ව්‍යහුයේ වෙනසක් පිළිබිඹු කර ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතාගේ පක්ෂය ද ඇතුළත් Renew Europe හෙවත් යුරෝපා පුනරුද සන්ධානය මෙවර තුන්වැනි ස්ථානයේ පසුවුව ද ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 15.2% කි. එය 31.8% ක  ප්‍රතිශතයක් ලබා ගත් අන්ත දක්ෂිණාංශික ජාතික සන්ධානයට වඩා දැඩි පසුබෑමකට ලක් ව ඇත. 2019 වසරේ මැතිවරණයට සාපේක්ෂව එම සන්ධානයට ආසන 22 ක් අහිමි වීම ද කැපීපෙනෙන කරුණකි. 

මෙම පරාජයෙන් පසුව, ජනාධිපති මැක්‍රොන් ජාතික සභාව විසුරුවා හරින බව ඊයේ (9) නිවේදනය කළේය. එය බැරෑරුම් තීරණයක් වුව ද විශ්වාසයේ ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වූ ඔහු ජාතික සභා මැතිවරණය ජූනි 30 සහ ජූලි 7 යන දිනවල වට 2 කින් පැවැත්වෙන බව ද පැවසීය.

මෙවර යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය 6 වැනිදා සිට 9 වැනිදා දක්වා යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් 27 කදී පැවැත්විණ. එහි ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 51%කි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම