ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට තේරී පත්වෙයි
2024-06-09 16:51:51
Share with:

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට තේරී පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

2025 ජනවාරි 01වැනි දිනෙන් ඇරඹෙන තෙවසරක ධූර කාලයක් සඳහා 2024 ජුනි 07 වැනිදා නිව්යෝර්ක් නුවර පැවති ඡන්ද විමසීමේ දී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත.

එහි දී ශ්‍රී ලංකාව ඡන්ද 182 ක් ලබාගෙන ඇති අතර සමස්ථයක් ලෙස ලබා ගත් හත්වන ඉහලම ඡන්ද සංඛ්‍යාව එය වේ.

සාමාජික රටවල් 189 න්, කලාපයෙන් 2 වැනි ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව මීට පෙර 1985 – 1989 සහ 2006 – 2008 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය සඳහා තේරී පත් විය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම