‘යාත්‍රා කිරීමේ නිදහස, හිතුමතේ යාත්‍රා කිරීමට ඉඩ දීමක් නොවන’ බව චීනය කියයි
2024-06-09 16:49:21
Share with:

‘යාත්‍රා කිරීමේ නිදහස, හිතුමතේ යාත්‍රා කිරීමට ඉඩ දීමක් නොවන’ බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පෙන්වා දෙයි. ඔහු එසේ ප්‍රකාශ කළේ ඇමරිකාව නිකුත් කළ 2023 මුල්‍ය වර්ෂයේ යාත්‍රා කිරීමේ නිදහස පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේ‍දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇමරිකානු වාර්තාවට අනුව 2023 මුල්‍ය වර්ෂයේදී චීනය ඇතුළු රටවල් හා ප්‍රදේශ 17ක ‘අනිසි සාගර ක්‍රියාකලාපයට’ එරෙහිව ඇමරිකාව අභියෝග කර ඇත. 

එහෙත්, ඇමරිකාව පවසන යාත්‍රා කිරීමේ නිදහස, ‘එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුමේ’ සඳහන් යාත්‍රා කිරීමේ නිදහස හා අංගසම්පූර්ණයෙන් වෙනස් සංකල්පයකි.

 ‘එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුමෙන්’, දේශසීමා මුහුදු ප්‍රදේශ, විශේෂ ආර්ථික කලාප, මහ මුහුදු යන මුහුදු කලාපවල යාත්‍රා කිරීමේ රෙගුලාසි වෙන්වෙන්ව නියම කර ඇත. එහෙත් ඇමරිකානු යාත්‍රා කිරීමේ නිදහසට නම්,  දේශසීමා මුහුදු ප්‍රදේශයෙන් බාහිරව පවතින සියළු මුහුදු කලාප, ‘මහ මුහුදු’ ය.

එසේම එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුමේ සඳහන් යාත්‍රා කිරීමේ නිදහස හා ඇමරිකානු යාත්‍රා කිරීමේ නිදහස අතර කැපී පෙනෙන වෙනස්කම් ඇත.  උපමිතියකින්, ලෝකය, ‘ගම්මානයක්’ ලෙස ගෙන එම වෙනස්කම් පැහැදිලි කළ හැකිය. ගම්මානයේ සෑම ජන නිවසට මිදුලක් හා ගෙවත්තක් තිබේ. ‘ගිවිසුමෙන්’ නියම වන යාත්‍රා කිරීමේ නිදහසට,  අමුත්තෙකුට ඒ ගෙවත්ත හරහා යාමට අවශ්‍ය නම්, ගෙවත්තේ ස්වාමියාට පූර්ව ලෙස දැන්විය යුතුව තිබේ. මිදුලට නම් අනවසරින් ප්‍රවේශ විය නොහැකිය. එහෙත් ඇමරිකානු යාත්‍රා කිරීමේ නිදහසට අනුව නම්, දැන්වීමක් නොකර ගෙවත්ත හරහා යාම පමණක් නොව, ඍජුව මිදුලට ප්‍රවේශ වීමත් බාධාවකින් තොරව සිදු කළ හැකිය. මෙවන් ඇමරිකානු යාත්‍රා කිරීමේ නිදහස පිළිබඳ තර්කයට අනුව, ඇමරිකානු යුද නෞකා නිරන්තරයෙන්ම අවසරකින් තොරව, බලහත්කාරයෙන්, සෙසු රටවල මුහුදු කලාපවලට ප්‍රවේශ වී තිබේ. එවන් සිද්ධිවලින් හටගත් අනතුරු ද අඩුවක් නොමැත.

    සැබවින්ම ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුමට එක් ව නොමැති නමුත් තමා විසින් අර්ථදක්වන යාත්‍රා කිරීමේ නිදහසෙන් සෙසු රටවල ඊනියා ‘අනිසි සාගර ක්‍රියාකලාපයට’ අභියෝග කිරීමට උත්සාහ කරයි. ‘කල්ලි රීති’ මගින් ගෝලීය සාගරික ආධිපත්‍යය ආරක්ෂා කිරීම පිළිබඳ ඇමරිකාවේ අරමුණ ඉන් අනාවරණය වී තිබේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම