මැලේසියාව සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන නව පරම්පරාවේ මීටර් ගේජ් වර්ගයේ දුම්රියේ නිෂ්පාදන කටයුතු අවසන්
2024-06-09 16:00:56
Share with:

මැලේසියාව සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන නව පරම්පරාවේ මීටර් ගේජ් වර්ගයේ දුම්රියේ නිෂ්පාදන කටයුතු අවසන් වේ.

මැලේසියාවේ විදුලි දුම්රිය සේවය සඳහා චීන CRRC සමූහය විසින් පර්යේෂණ හා නිෂ්පාදනය කරන ලද ETS3 අංක දරන නව මීටර් ගේජ් වර්ගයේ දුම්රියේ නිෂ්පාදන කටයුතු පසුගිය 7 වනදා චීනයේ Hunan පළාතේ Zhuzhou නගරයේ දී සම්පූර්ණ කෙරිණ.

ETS හා ETS2 අංක දරන දුම්රිය දෙකට පසු මැලේසියාව සඳහා චීන ව්‍යවසායන් විසින් ස්වාධීනව සංවර්ධනය කරන තුන් වැනි පරම්පරාවේ මීටර් ගේජ් වර්ගයේ දුම්රිය මෙයයි. එය මැලේසියාවේ බටහිර මුහුදු වෙරළ තීරයේ ධාවනයට යෙදවෙන අතර එහි දුම්රිය මාර්ගයේ සමස්ත දිග කිලෝමීටර් 950කි. 

අදාළ දුම්රිය ආසන 312කින් සමන්විත අතර ධාවන වේගය පැයට කිලෝමීටර් 160කි. බුද්ධිමත් දුම්රිය රියදුරු ආධාර පද්ධතියක් එහි ප්‍රථම වරට සවි කෙරේ.එය මාර්ග පරිසර විශ්ලේෂණය මත පදනම් ව වඩා වැඩි ලාභදායී රිය පැදවීමේ උපාය මාර්ගයට උපකාරී‍ වෙයි.ඊට අමතරව, බුද්ධිමත් ක්‍රියාත්මක හා සහතික කිරීමේ තාක්ෂණ භාවිත කරමින් එහි වැදගත් කොටස් වල තත්ත්වය සජීවි ව නිරීෂණය, පූර්ව අනතුරු ඇඟවීම, දුරස්ථ දෝෂ හැඳුනාගැනීම හා පාලනය කිරීම යන කටයුතු ඉටු කළ හැකිය.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම