චීන මහජන සමූහාණ්ඩුව සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-06-09 16:05:06
Share with:

චීන මහජන සමූහාණ්ඩුව හා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන අගමැති Li Qiang මහතාගේ ඇරයුමෙන් පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා පසුගිය 4වනදා සිට ඊයේ (8) දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

Shehbaz Sharif මහතාගේ චීන සංචාරය අතරතුර, චීනය හා පාකිස්ථානය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල කටයුතු සහ ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් අවංකව අදහස් හුවමාරු කොට පුළුල් එකඟතාවන්ට පැමිණ තිබෙන බව එම නිවේදනය පවසයි.

චීන-පාකිස්ථාන දෙරටේ පොදු අවශ්‍යතා ආරක්ෂා කොට දෙරටේ සමාජ හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් දෙරට ජනතාවට සුබ සෙත සැලසීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවට දෙපාර්ශ්වයම එහිදී එකඟ වූහ. කලාපීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීමටත් නව යුගයේ වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමටත් දෙපාර්ශ්වයම එකඟවී ඇත. එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු පිළිබඳව අන්‍යෝන්‍ය හා ස්ථිර ලෙස සහයෝගය දැක්විය යුතු යැයි දෙපාර්ශ්වයම යළි අවධාරණය කළහ. පාකිස්ථානය එකම චීනය මූලධර්මය කෙරෙහි සිය ස්ථිර කැපවීම යළි ප්‍රකාශ කළේය.

සෑම ආකාරයකම ත්‍රස්තවාදය "ශුන්‍ය ඉවසීමේ" ආකල්පයෙන් මර්දනය කරන බව දෙපාර්ශ්වයම නැවත ප්‍රකාශ කර ඇත. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව "එක් තීරයක් එක් මාවතක්" වැඩපි‍ළිවෙළ ‍ඒකාබද්ධව ගොඩනැගීම සඳහා වැදගත් නියමු ව්‍යාපෘතියක් බව දෙපාර්ශවය සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම