ඓතිහාසික රබර් - සහල් ගිවිසුමේ සිට මේ දක්වා විවිධ අවස්ථාවල චීනය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අධ්‍යාපන අමාත්‍යවරයාගේ පැසසුමට
2024-06-09 16:55:11
Share with:

ඓතිහාසික  රබර් -සහල් ගිවිසුමේ සිට මේ දක්වා විවිධ අවස්ථාවල චීනය  ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අධ්‍යාපන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වෙයි.

චීන රජයේ අනුග්‍රහය මත ‍මෙරට පාසල් පද්ධතිය තුළ තොරතුරු ඩිජිටල්කරණ වැඩසටහන ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද හෙතෙම කියා සිටී.

මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දීමට චීන රජය ක්‍රියා කළේය.  2024 වර්ෂය සඳහා ද එම ප්‍රදානය 80%ක් දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙවර විශේෂත්වයක් වූයේ සෑම දරුවකුට ම එක සමාන ගුණාත්මකභාවයකින් යුත් නිල ඇඳුම් ලබා දීමේ අරමුණෙන් ඉතිරි 20%ක පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ව 80%ක නිල ඇඳුම් රෙදි සැපයූ චීන නිෂ්පාදකයා වෙතින් ම මිල දී ගැනීමට ක්‍රියා කිරීම බවද අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම