ගාසා හී කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රංශ ජනාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක්
2024-06-09 18:05:51
Share with:

ගාසා හී කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල්  මැක්‍රොන් මහතා අවධාරණය කරයි.වහාම දේශපාලන විසඳුමක් සෙවීමේ අවශ්‍යාතාවද හෙතෙම ප්‍රකාශ කර සිටියේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ(8) හමුවූ අවස්ථාවේදීය. 

ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරතව සිටී.මානුෂීය ආධාර සපයන සියළු මාර්ග ඊශ්‍රායලය විසින් විවෘත නොකිරීම ඉවසිය නොහැකි බවද හෙ‍තෙම කීය.එය ජාත්‍යන්තර ප්‍රජාව විසින් මාස කිහිපක් පුරා සිදු කරන ඉල්ලීමකි. එහිදී අදහස් දැක්වූ ඇමරිකා ජනාධිපතිවරයා පැවසුවේ සියළු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම හා සටන් විරාමයක් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කරන බවයි.

මේ අතර තවත් වාර්තාවකට අනුව ඊශ්‍රායල හමුදා විසින් මධ්‍යම ගාසා තීරයේ පිහිටි අනාථ කඳවුරක සිටි ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු මුදා ගෙන තිබේ. එම මෙහෙයුමේදී පුද්ගලයන් 210 දෙනෙකු පමණ ‍මියගොස් ඇති අතර 400කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන ආරංචි මාර්ග පවසයි.හමාස් සංවිධානයේ සන්නද්ධ පාර්ශ්වය එම මෙහෙයුම  හෙළා දකිමින් පවසා ඇත්තේ එය බරපතල යුධ අපරාධයක් බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම