යුරෝපා මෝටර් රථ වෙළඳපොල, විදේශ තරගයෙන් වෙන් කිරීමට විරුද්ධ බව ජර්මන් චාන්සලර්වරයා පවසයි
2024-06-09 18:13:42
Share with:

යුරෝපයේ මෝටර් රථ වෙළඳපොල, විදේශ තරගයෙන් වෙන් කිරීමට විරුද්ධ වන බව ජර්මන් චාන්සලර් Olaf Scholz මහතා පවසයි.

Frankfurter Allgemeine Zeitung පුවත් පතේ වාර්තාවකට අනුව, ජර්මන් චාන්සලර්වරයා එසේ පැවසුවේ ඊයේ(8) Rüsselsheim නගරයේ පැවති OPEL මෝටර් රථ සමාගමේ 125වැනි සාංවත්සරික සැමරුම් ක්‍රියාකාරකමට එක් වෙමිනි.  ‘ජර්මන් වෙළඳපොල විදේශ සමාගම්වලට වසා නොදමනු ඇත. ජර්මන් සමාගම් විදේශ රටවලදී එවැනි සැලකිල්ලට ලක් වීමට බලාපොරොත්තු නොවීම ඊට හේතුවයි’ යැයි ඔහු කියා සිටියේය.

යුරෝපා සංගම් කමිටුව ඇමරිකාව මෙන් වෙළඳ ආරක්ෂණවාදය අයුතු ලෙස ක්‍රියාත්මක කරමින් චීන විදුලි වාහන කෙරේ රේගු බදු වැඩි කරනු ඇතැයි ආරංචි මාර්ගය පවසයි. චීන විදුලි වාහන කෙරේ රේගු බදු වැඩියෙන් පැනවීමෙන් යුරෝපයේ කර්මාන්ත සංවර්ධනය ආරක්ෂා කළ නොහැකි  අතර, ජර්මන් ව්‍යවසාය, ආර්ථිකය හා සාධාරණ ජාත්‍යන්තර වෙළඳ පරිසරයට ඉන් හානි ගෙන දෙන බව එරට ගමනාගමන අමාත්‍ය, ආර්ථික අමාත්‍ය, මුදල් අමාත්‍ය යන උසස් නිලධාරීන් පසුගියදා වෙන්වෙන්ව ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම