ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර තබා ඇතැයි ජනපති කියයි
2024-06-08 14:59:42
Share with:

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැක්කේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු  එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ට හොඳ රටක් නිර්මාණය කර දීමට ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම